ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දිනයේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී....
සඳ දිය කොට කිරි වතුරින්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩිකල අම්මා
තුරුලට ගෙන අත් පා හැඩ ගන්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
මතකයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනහස ලබැඳී
ගෙන දී දිවියට නව පණ ලැබ දී
මා දැඩිකල අම්මා
ගී පද කැටයම් :- ප්‍රේමකීර්ති ද අල්විස්
නාද සිත්තම් :- වික්ටර් රත්නායක
ගායනය :- වික්ටර් රත්නායක