Wednesday, February 13, 2013

ලොව උත්තරීතර ආදරය.... අම්මා

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දිනයේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී....

සඳ දිය කොට කිරි වතුරින්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා
 ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩිකල අම්මා

තුරුලට ගෙන අත් පා හැඩ ගන්වා
 නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
මතකයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනහස ලබැඳී
ගෙන දී දිවියට නව පණ ලැබ දී
මා දැඩිකල අම්මා

ගී පද කැටයම්  :- ප්‍රේමකීර්ති ද අල්විස්
නාද සිත්තම්    :-  වික්ටර් රත්නායක
ගායනය          :-  වික්ටර් රත්නායක

3 comments:

  1. ම්.... වරුණ, ස්වර නැතිව පද පද පමණක්.... තවම ආරම්භය නේ.
    ok
    මම නම් සංගීතය දන්නේ නෑ.
    එත්, ගීත රස විදින්න දන්නවා.
    සුභ පතනවා ආරම්භයට....

    ReplyDelete
    Replies
    1. බොහොම පිං............
      තව පටන් ගත්තා විතරයි********

      Delete
  2. අඩෝ සිංදු දානවද නැද්ද? මේක මාර රැග් එකක්නෙ.

    ReplyDelete

අකුරු කරනවානම් මෙන්න ගල් ලෑල්ල